ජපානය දෙවැනි 20යි 20 තරගයත් පරදියි

Date:

ජපානය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 68 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද(11) සමත් වුණා.

ජපානයේ Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් රැස් කළා.

ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 30 ක් රැස් කළ අතර, ඉමිතියාස් ස්ලාසා ලකුණු 27 කටත්, සහිල් ඩයස් ලකුණු 22 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජපානය වෙනුවෙන් Rea Sakurano-Thomas ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ජපානයට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 57 ක් පමණයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ඉමිතියාස් ස්ලාසා කඩුලු 3 ක් දවා ගත් අතර, ඩෙලෝන් පීරිස්, ලක්ෂාන් ගමගේ හා හර්ෂන වික්‍රමසිංහ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...