ශහීන් ශාහ් අෆ්රිඩි ගැන අසුබ ආරංචියක්

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට දීර්ඝ කාලයක් ක්‍රිකට් පිටියෙන් යළි ඉවත් වීමට සිදු වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඔහු මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(13) පැවැති අවසන් මහා තරගයේ දී දකුණු දණහිසෙහි යළිත් ආබාධයකට ලක් වීම හේතුවෙන්.

පාකිස්තාන කණ්ඩායම සිය රට බලා පැමිණීමෙන් පසුව එම ආබාධය පිළිබද වැඩිදුරටත් තක්සේරු කිරීමක් සිදු කරනු ඇති.

කෙසේ වෙතත්, ශහීන් අෆ්රිඩිට එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිව දෙසැම්බර් හා ජනවාරි මාසවලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ජූලි මාසයේ පැවැති ටෙස්ට් තරගයකදී ශහීන් අෆ්රිඩිගේ දකුණු දණහිසෙහි ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මාස තුනහමාරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

නමුත්, 20යි 20 ලෝක කුසලානයේ ආරම්භය වන විට ඔහු එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටියා.

මෙවර තරගාවලියේ පළමු තරගවලදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ශහීන් අෆ්රිඩි සමත් නොවුව ද, ඔහු තරගාවලිය අවසන් කළේ පාකිස්තානය වෙනුවෙන් සම වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා බවට පත් වෙමින්. ඒ, කඩුලු 11 ක් දවා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...