පැතුම් නිස්සංක BPL පිටියට

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එකගතාවයකට එළඹන තිබෙනවා.

ඒ අනුව ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වී ඇති බවයි රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම අද(14) නිවේදනය කළේ.

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව මීට පෙර විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙවර බී.පී.එල් තරගාවලිය ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් 7කගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව Barishal, Khulna, Dhaka, Sylhet, Rangpur, Chattogram, Comilla යන කණ්ඩායම් මෙවර තරගාවලියට ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංකට අමතරව ජෙෆ්රි වැන්ඩර්සේ  ද රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇත්තේ ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර තරගාවලියක් ද එම කාලයේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින්.

තිසර පෙරේරා, කමිදු මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා යන ශ්‍රී ලංක ක්‍රීඩකයින් සිල්හෙට් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ද නියමිතව ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ.

තරගාවලිය සදහා පාකිස්තාන ක්‍රීඩකයින් ද සහභාගී වීමට තීරණය කර ඇති බැවින් මෙවර බී.පී.එල් තරගාවලියට එය ඉහළ වටිනාකමක් ගෙන දී ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

පාකිස්තානය හා නවසීලන්තය අතර ජනවාරි 15 වැනිදා දක්වා තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයින් රැසක් බී.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පාකිස්තානයේ හැරිස් රවුෆ්, මොහමඩ් නවාස් හා ශොයිබ් මලික් යන ක්‍රීඩකයින් ද රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති බව සදහන්.

පාකිස්තානයේ මොහමඩ් රිස්වාන්, හසන් අලී හා ශහීන් අෆ්රිඩි යන ක්‍රීඩකයින් Comilla Victorians කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...