ක්‍රිකට් ආයතනයෙන් තවත් රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී තරග ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ලබා දුන් පොරොන්දුවකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා.

රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවරෙහි කොටසක් ලෙසයි මෙම ප්‍රදානය ලබා දී ඇත්තේ.

පසුගිය ජූනි හා ජූලි මාසවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයේ නිරත වූ අතර, එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් පැවැත්වුණා.

මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙට සහභාගී වීම වෙනුවෙන් උපකාර කිරීමක් වශයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 22.5 ක මුදලක් පරිත්‍යාග කළා.

තවද ආසියානු දැල් පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හා පුහුණුකාර්යය මණ්ඩලය වෙනුවෙන් ද රුපියල් මිලියන 2 බැගින් රුපියල් මිලියන 36ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී පරිත්‍යාග කරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...