ශහීන් ශාහ්ගේ ආබාධය ගැන පාකිස්තාන ක්‍රිකට් ආයතයෙන් නිල නිවේදනයක්

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(13) පැවැති අවසන් මහා තරගයේ දී යි දකුණු දණහිසෙහි යළිත් ආබාධයකට ගොදුරු වුණේ.

අද දිනයේ දී පාකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවෙන් යළි පාකිස්තානය බලා පිටත්ව යාමට පෙර පෙරවරු කාලයේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබුණා.

එහි වාර්තාවලට අනුව අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.

ඒ අනුව සති දෙකක කාලයක් ශහීන් ශාහ් අෆ්රිඩි ඔහුගේ ආබාධය සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඔහුට මෙම ආබාධය හේතුවෙන් එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිව දෙසැම්බර් හා ජනවාරි මාසවලදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් පවතින බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ජූලි මාසයේ පැවැති ටෙස්ට් තරගයකදී ද ශහීන් අෆ්රිඩිගේ දකුණු දණහිසෙහි ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට මාස තුනහමාරක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...