ශකිබ් IPL එන්න බෑ කියයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ බව මේ වන විට ඔහු විසින් කොල්කටා කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ක්‍රීඩා කිරීමට නියමිත ජාත්‍යන්තර තරග හා පෞද්ගලික හේතූන් මත ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ශකිබ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කොල්කටා කණ්ඩායම ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.

ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකටයි ශකිබ් අල් හසාන්ව කොල්කටා කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, කොල්කටා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බංග්ලාදේශයේ ලිටොන් දාස් අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව තවත් දින කිහිපයකින් අයි.පී.එල් තරගාවලියට එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...