සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
අයර්ලන්තය ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ වසර 4 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
ඒ අනුව මෙම තරගයේ දී Murray Commins, Harry Tector, Curtis Campher, Lorcan Tucker, Graham Hume හා Ben White යන ක්‍රීඩකයින් ටෙස්ට් වරම් දිනා ගත්තා.
එමෙන්ම මීට පෙර සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කර ඇති Peter Moor ද මෙම තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට අයර්ලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 65 ක්.
Bangladesh XI:
Tamim Iqbal, Najmul Hossain Shanto, Mominul Haque, Shakib Al Hasan (c), Mushfiqur Rahim, Litton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Khaled Ahmed, Shoriful Islam, Ebadot Hossain
Ireland XI:
Murray Commins, James McCollum, Andy Balbirnie, Harry Tector, PJ Moor, Curtis Campher, Lorcan Tucker (wk), Mark Adair, Andy McBrine, Graham Hume, Ben White

