ශකිබ්ට තරග 3ක තහනමක් සමග දඩ මුදලක් පනවයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ Mohamedan ක්‍රීඩා සමාජයේ නායක ශකිබ් අල් හසාන්ට තරග 3ක තහනමක් සහ ටකා ලක්ෂ 5ක (USD 5800) දඩ මුදලක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(11) Abahani Limited කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු විනය විරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය හේතුවෙන්.

කෙසේ වෙතත්, මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහුට තරග 4ක තහනමක් පනවා ඇති බවටයි.

ශකිබ්ගේ විනය විරෝධී හැසිරීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහය යටතේ තෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස හදුනා ගෙන ඇති අතර, ඔහුට එරෙහිව ලබා දුන් දඩුවම ශකිබ් විසින් පිළිගෙන ඇති බව ද සදහන්.

අදාළ තරගයේ දී පළමුව ඔහු විනිසුරු තීරණයකට එරෙහිව දැඩි කෝපයට පත්ව පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමනු ලැබුවා.

පසුව වර්ෂාව හේතුවෙන් විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ අවස්ථාවේ දී ද කෝපයට පත් වූ ශකිබ්, පන්දු යැවිමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

එමෙන්ම ඔහු Abahani කණ්ඩායමේ පුහුණුකරු සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වී ඇති අතර, අසභ්‍ය වචන භාවිතා කළ බවට ද ශකිබ් අල් හසාන්ට චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත්, අදාළ තරගයෙන් අනතුරුව ශකිබ් අල් හසාන් විසින් සියලු පාර්ශවවලින් සමාව ඉල්ලා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...