ශකිබ්ට තරග 4ක තහනමක්

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ Mohamedan ක්‍රීඩා සමාජයේ නායක ශකිබ් අල් හසාන්ට තරග 4ක තහනමක් පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(11) Abahani Limited කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ඔහු විනය විරෝධී ලෙස හැසිරීමේ සිද්ධීය හේතුවෙන්.

ඒ අනුව ඔහුට අදාළ තරගාවලියේ 8, 9, 10 සහ 11 යන තරග වට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ශකිබ් විසින් මෙම තරගයේ දී වරදවල් කිහිපයක්ම සිදු කරනු ලැබුවා.

පළමුව ඔහු පන්දු යවමින් සිටින අතරතුර දී මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා ශකිබ් අල් හසාන් විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේ රහීම් නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමග දැඩි කෝපයට පත් ඔහු පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමනු ලැබුවා.

පසුව වර්ෂාව හේතුවෙන් විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ අවස්ථාවේ දී ද කෝපයට පත් වූ ශකිබ්, පන්දු යැවිමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

එමෙන්ම ඔහු Abahani කණ්ඩායමේ පුහුණුකරු සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වූ අතර, අසභ්‍ය වචන භාවිතා කළ බවට ද ශකිබ් අල් හසාන්ට චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත්, අදාළ තරගයෙන් අනතුරුව ශකිබ් අල් හසාන් විසින් සියලු පාර්ශවවලින් සමාව ඉල්ලා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...