අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට තවත් 10ක්

Date:

අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ( ICC Hall of Fame) හෙවත් ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට තවත් නම් 10ක් හෙට(13) දිනයේ දී ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීවයි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

මේ වන විට ක්‍රීඩකයින් 93 දෙනෙකු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් ඊට ඇතුළත්ව සිටින්නේ මුත්තයියා මුරලිදරන් පමණයි.

හෙට පස්වරු කාලයේ දී මෙම ලැයිස්තුව 103 දෙනෙකු දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ඊට ඇතුළත් කරනු ඇති.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සුවිශේෂී සේවය අගයමින් එම ක්‍රීඩකයින් අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එහිදී 1918 වසරට පෙර කාලය, 1918 – 1945 කාලය, 1946 – 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 – 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...