මලාන්ගේ ශතකය අපතේ යවමින් වෝනර්, හෙඩ්, ස්මිත් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(17) සමත් වුණා.

ඇඩිලේඩ් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

කමින්ස් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ පළමු එක්දින තරගය මෙයයි.

ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 287 ක් ලබා ගනිමින්. ඒ, ඔවුන්ගේ ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 118 ක් තුළ බිද වැටී තිබූ පසුබිමකයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මලාන් පන්දු 128 කින් ලකුණු 134 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

ඩේවිඩ් විලී නොදැවී ලකුණු 34 ක් රැස් කළ අතර, නායක ජොස් බට්ලර් ලකුණු 29 යි. පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 62 කට කඩුලු 3 ක් හා ඇඩම් සම්පා ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 46.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 291 ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් පන්දුවාර 19.4 කදී පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 147 ක්.

හෙඩ් ලකුණු 69 (57) කට දැවී ගිය අතර, වෝනර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 86(84) ක්. ස්ටීවන් ස්මිත් පන්දු 78 කින් නොදැවී ලකුණු 80 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී ලකුණු 51 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...