එක්සත් අරාබිය කළ වරදින් නේපාලයට දඩුවම් ලකුණු 5 ක්

Date:

පන්දුව පිරිමැදීම සදහා ඛේටය (කෙල) තැවරීම හේතුවෙන් දඩුවම් නියම වූ පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ඉතිහාසයට එක්ව තිබෙනවා.

නේපාලයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ Alishan Sharafu විසින් පන්දුව පිරිමැදීම සදහා ඛේටය තැවරීම හේතුවෙනුයි ඔවුන්ට තරගය අතරතුර දී ම දඩුවම් නියම කිරීමට විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව නේපාල කණ්ඩායමට දඩුවම් ලකුණු 5 ක් පිරිනැමීමට විනිසුරුවන් මෙම තරගයේ දී කටයුතු කර තිබෙනවා.

පන්දු රකින කණ්ඩායම විසින් පන්දුවේ ඛේඨය තැවරීම කොවිඩ් 19 වසංගතයත් සමග තාවකාලිකව තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තා.

වසර දෙකකට වැඩි කාලයක් පැවැති මෙම තහනම ස්ථීර තහනමක් බවට පත් කරමින් තවදුරටත් එම නීතියම පවත්වා ගෙන යාමටයි මෑතකදී අයි.සී.සී ය තීරණය කළේ.

නේපාලයේ Kirtipur හී දී පැවැති දෙවැනි එක්දින තරගයෙන් නේපාල කණ්ඩායම කඩුලු 3 ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...