පංජාබ් කිංග්ස් කණ්ඩායමට තවත් වෙනස්කම් කිහිපයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් සිය පුහුණුකාර්යය මණ්ඩලය සදහා තවත් වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පිතිකරණ පුහුණුකරු ලෙස වසීම් ජෆර් යළි පත් කිරීමටයි එම කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Charl Langeveldt පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ බ්‍රැඩ් හැඩින්.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේගේ කොන්ත්‍රාත් ගිවිසුම අලුත් නොකිරීමට පංජාබ් කණ්ඩායම මීට පෙර තීරණය කළ අතර, ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බෙයිලිස් පත් කිරීමටයි පංජාබ් කිංග්ස් හිමිකාරීත්වය පසුගිය සැප්තැම්බර් මාසයේ දී තීරණය කළේ.

මෙම මස මුලදී මයාන්ක් අගාර්වල් වෙනුවට ශිකර් ධවාන් පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ද පියවර ගැනුණා.

වසීම් ජෆර් මීට පෙර ද පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 2020 වසරේ සිට කටයුතු කළ අතර, පසුගිය වසරේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහු එම ධූරයෙන් ඉවත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...