චාමික එක්දින සංචිතයෙන් ඉවත් කළේ ඇයි ? ක්‍රිකට් ලේකම් කරුණු පහදයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කර ඇත්තේ විනය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

ඔහු සුපුරුදු දක්ෂතා අතර නොසිටින බැවින් එම පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා සදහන් කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කියා සිටියා.

නිමා වූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම හේතුවෙන් මෙලෙස ඔහුව එක්දින සංචිතයෙන් ඉවත් කළ ද, අවසන් වරට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරගාවලියේ දී (ඔස්ට්‍රේලියාවට එරෙහි) චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්ව තිබුණා.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී යි. කෙසේ වෙතත්, කණ්ඩායම් දෙකේ ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි එක්දින තරගය නොවැම්බර් 27 වැනිදා ද, තෙවැනි එක්දින තරගය නොවැම්බර් 30 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...