විස්ඩන් සඟරාව නම් කළ නැගී එන එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත්

Date:

ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව විසින් වර්තමාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ නැගී එන ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනාගෙන් යුත් කණ්ඩායම පසුගියදා නම් කර තිබුණා.

එක්දින තරග 50ක් හෝ ඊට අඩුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් අතරින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

මෙම කණ්ඩායමට නම් කර ඇති එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා වන්නේ මේ වන විට පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දක්ෂතා පෙන්වමින් සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද සිල්වායි.

නිමා වූ කොදෙව් 20යි 20 තරගාවලියේ දී ද පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ඔහු, එක්දින තරගාවලියේ දී පිත්තෙන් ද විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද නැගී එන ක්‍රීඩකයන් 11 දෙනාගෙන් යුත් එක්දින කණ්ඩායම මෙසේයි.

01. K.L. Rahul ( India )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 38 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1509 ක්. ශතක 5 ක් සමගින් අර්ධ ශතක 9 ක් වාර්තා කර ඇත. පිතිකරණ සාමාන්‍ය 48.67 ක්.

02. Imam ul Haq ( Pakistan )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 40 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1834 ක්. ශතක 7 ක් සමගින් අර්ධ ශතක 7 ක් වාර්තා කර ඇත. පිතිකරණ සාමාන්‍ය 52.4 ක්.

03. Temba Bavuma – C ( South Africa )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 06 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 335 ක්. එක් ශතකයක් සමගින් අර්ධ ශතක 1 ක් වාර්තා කර ඇත. පිතිකරණ සාමාන්‍ය 55.83 ක්.

04. Rassie van der Dussen ( South Africa )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 21 ක්. ලබා ගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 707 ක්. තවමත් ශතකයක් වාර්තා කර නොමැති අතර අර්ධ ශතක 7 ක් වාර්තා කර ඇත. ඉනිමක ලබා ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 95 ක්. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 70.7 ක්.

05. Nicholas Pooran ( West Indies )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 28 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 982 ක්. එක් ශතකයක් සමගින් අර්ධ ශතක 7 ක් වාර්තා කර ඇත. පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 49.1 ක්.

06. Rishabh Pant – wk ( India )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 18ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 529 ක්. තවමත් ශතකයක් වාර්තා කර නොමැති අතර අර්ධ ශතක 3 ක් වාර්තා කර ඇත. ඉනිමක ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 78 ක්. පවත්වාගෙන යන ලකුනු සාමාන්‍ය 33.06 ක්.

07. Wanindu Hasaranga ( Sri Lanka )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 18 ක්. ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 320 ක්. තවමත් ශතකයක් වාර්තා කර නොමැති අතර, එක් අර්ධ ශතකයක් වාර්තා කර ඇත. ඉනිමක ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 80* ක්. පවත්වාගෙන යන ලකුණු සාමාන්‍ය 26.66 ක්. පන්දු යැවීමේදී කඩුලු 18 ක් දවා ගෙන ඇත. හොඳම ඉනිමක පන්දු යැවීම ලකුණු 15 කට කඩුලු 3 ක්.

08. Jofra Acher ( England )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 17යි. බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 30 ක්. කඩුල්ලක් ලබාගැනීමේ සාමාන්‍ය 24.00 යි. පන්දුවාරයකට ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 4.74 ක් වන අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 27 කට කඩුලු 3ක්.

09. Lockie Ferguson ( New Zealand )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 37 යි. ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 69 ක්. කඩුල්ලක් ලබාගැනීමේ සාමාන්‍ය 25.78යි. පන්දුවාරයකට ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 5.45 ක් වන අතර ඉනිමක හොඳම පන්දුයැවීම ලකුණු 45 කට කඩුලු 5 ක්. ඉනිමක කඩුලු 4 බැගින් ලබා ගත් අවස්ථා 2 ක් සහ කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා එකක් ද ඇත.

10. Mujeeb ur Rahman ( Afghanistan )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 43 යි. ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 70 ක්. කඩුල්ලක් ලබාගැනීමේ සාමාන්‍ය 22.04 යි. පන්දුවාරයකට ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 3.96 ක් වන අතර ඉනිමක හොඳම පන්දුයැවීම ලකුණු 50 කට කඩුලු 5 යි. ඉනිමක කඩුලු 4 බැගින් දවා ගත් අවස්ථා 2 ක් සහ කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා එකක් ඇත.

11. Shaheen Shah Afridi ( Pakistan )

ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 22 යි. ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 45 ක්. කඩුල්ලක් ලබාගැනීමේ සාමාන්‍ය 21.64 යි. පන්දුවාරයකට ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව 5.29 ක් වන අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 35 කට කඩුලු 6 ක්. ඉනිමක කඩුලු 4 බැගින් දවා ගත් අවස්ථා 4 ක් සහ කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 2 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...