6 පහරවල් 6 ක් සමගින් මෙන්ඩිස්ගෙන් වේගවත් ඉනිමක්, වනිඳුගෙනුත් අනර්ඝ පන්දු යැවීමක්

Date:

නායක කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය සහ වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජය අද (1) සමත් වුණා.

සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුවන් හමුදා කණ්ඩායමට පන්දුවාර 43.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් යම්තාක්දුරකට හෝ සාර්ථක වූ ආරම්භක පිතිකරු කළන විජේසිරි පන්දු 83 කදී ලකුණු 43 ක් රැස් කළ අතර, සමීර ද සොයිසා ලකුණු 40(79) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සී.සී.සී කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග පන්දුවාර 8.5ක් තුළ ලකුණු 38කට කඩුලු 5ක් දවා ගත්තා.

ළහිරු මධුසංඛ කඩුලු 2 ක් දවා ගත් අතර, ළහිරු ගමගේ, මාලින්ද පුෂ්පකුමාර හා බී.ජී.එස්. මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සී.සී.සී කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 52කදී නොදැවී ලකුණු 81ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 5ක් සමගින්.

රොන් චන්ද්‍රගුප්ත ලකුණු 46ක් ද, මිනෝද් භානුක ලකුණු 22 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සන්ජය රණවීර සහ අසන්ත සිංගප්පුලි එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...