කොරෝනා අවධානම හමුවේ ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට විශේෂ දැනුම් දීමක්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති පළමුපෙල ක්‍රිකට් තරගාවලිය වන ජාතික ක්‍රිකට් ලීගයේ තෙවැනි වටයේ තරග සදහා සහභාගී නොවන ලෙසට ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩකයින්ට එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ, බංග්ලාදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම එරට ටෙස්ට් ක්‍රීඩකයින්ට අනිවාර්ය කර තිබුණා.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය තරග 0-2ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි එම අනිවාර්ය කිරීම සිදු කළේ.

කෙසේ වෙතත්, ජාතික ක්‍රිකට් ලීගයේ වට දෙකක් අවසන් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇත්තේ ටෙස්ට් ක්‍රීඩකයින් අවධානම් තත්ත්වයකට පත් නොකර පළමුපෙල තරගාවලියෙන් ඔවුන්ව ඉවත් කිරීමටයි.

ජාතික ක්‍රිකට් ලීගය අතරතුර දී මේ වන විටත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...