ගප්ටිල්ගේ විශිෂ්ට ඉනිම හමුවේ තරගාවලියේ ජය නවසීලන්තයට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, දෙරට අතර අද පැවැති අවසන් 20යි 20 තරගයෙන් නවසීලන්තය කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

වෙලින්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

මැතිව් වේඩ් ලකුණු 44ක්, ආරොන් ෆින්ච් ලකුණු 36ක් ලබා ගත් අතර, මාර්කස් ස්ටොයිනිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26ක්.

ග්ලේන් මැක්ස්වෙල් එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 24කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා ඩෙවෝන් කොන්වේ සහ මාර්ටින් ගප්ටිල් අතර ලකුණු 106 ක සබතාවයක් ගොඩ නැගුණා.

ගප්ටිල් පන්දු 46කින් ලකුණු 71ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින්.

කොන්වේ ලකුණු 36ක් සහ ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තා.

නායක කේන් විලියම්සන් පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී Riley Meredith කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස මාර්ටින් ගප්ටිල් ද, තරගාවලියේ වීරයා ලෙස ඉෂ් සෝදි ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...