ශ්‍රී ලංකා පන්දුයන්නන් දෙදෙනෙකුට චෙන්නායි කණ්ඩායමෙන් කැදවීමක්

Date:

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් දෙදෙනෙකුට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුවිම් සදහා සහභාගී වන ලෙසට එම කණ්ඩායම විසින් ආරාධනාවක් සිදු කර තිබෙනවා.

මහේෂ් තීක්ෂණ සහ පතීෂ පතිරණ යන ක්‍රීඩකයින්ට මෙලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා නිමා වූ අබුඩාබි T 10 ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්ව තිබුණා.

අවසන් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ මහේෂ් තීක්ෂණයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 9 වනදා චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

ALSO READ : IPL තරග කාලසටහන නිවේදනය කෙරේ

ඒ සදහා චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරි දිනකදී පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව සදහන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...