විරාට් 72* – ඉසුරු 41/2, RCB කණ්ඩායමට කඩුලු 8ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

මහිපාල් ලොම්රෝර් ලකුණු 47ක් සහ රාහුල් තෙවාටියා ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහෙල් ලකුණු 24කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ඉසුරු උදාන ලකුණු 41කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඉසුරු විසින් බිද හෙලනු ලැබුවේ රාජස්ථාන් පිලේ නායක ස්ටීව් ස්මිත්ගේ සහ Riyan Parag ගේ කඩුල්ලයි. (දර්ශන මෙතනින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.1ක් අවසානයේ දී යි.

මෙවර තරගාවලියේ පළමු තරග කිහිපයේ දී අසාර්ථක වූ නායක විරාට් කෝලි මෙම තරගයේ දී නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේ පන්දු 53කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

දෙව්දුත් පඩික්කල් ලකුණු 63යි.

මෙම ජයග්‍රහනයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණේ ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...