ලකුණු 18ක ජයකින් දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 16 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ඔවුන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා.

එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එහිදී නායක ෂ්රෙයස් අයියර් පන්දු 38කින් නොදැවී ලකුණු 88ක් ලබා ගනිමින් දිල්ලි ඉනිම ශක්තිමත් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් සමගින්.

ප්‍රිත්වි ෂෝ ලකුණු 66ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 38ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 29කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 210ක් පමණයි.

නිටිෂ් රානා ලකුණු 58ක්, රාහුල් ත්‍රිපාති ලකුණු 36ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 28ක් රැස් කළා.

අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තුවක් ගෙන ඒමට ඉයන් මෝර්ගන් සමත් වුණේ පන්දු 18කින් ලකුණු 44ක් ලබා ගනිමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Anrich Nortje ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...