ඔස්ට්‍රේලියාව අඛණ්ඩව 19 වැනි තරගයත් ජය ගනියි

Date:

එක්දින ජාත්‍යන්තර තරග පිටියේ අඛණ්ඩව ලැබූ 19 වැනි ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද(3) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

බ්‍රිස්බේන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

මැඩී ග්‍රීන් ලකුණු 35යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 33.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 181ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

නායිකා මැග් ලෙනින් නොදැවී ලකුණු 62ක් රැස් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 5 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...