රාජස්ථානයට එරෙහිව ඉසුරු බිද හෙලූ දෙවැනි කඩුල්ල මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ තම සිව්වැනි කඩුල්ල ද දවා ගැනීමට ශ්‍රී ලංකා සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අද(3) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව තරගයේ පළමු පන්දුවාරය යැවීමේ වගකීම ද ඉසුරු උදානට හිමි වුණා.

ඔහු යැවූ දෙවැනි පන්දුවාරයේ දී නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවා ගනිමින් බැංගලෝර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ඉසුරු උදාන සමත් වීම විශේෂත්වයක්.

ඉසුරු තම තෙවැනි පන්දුවාරය යොමු කළේ රාජස්ථාන් ඉනිමේ 16 වැනි පන්දුවාරය සම්පූර්ණ කිරීම සදහායි.

ඔහු මෙම තරගයේ දී සිය දෙවැනි කඩුල්ල බිද හෙලුවේ එම පන්දුවාරයේ 5 වන පන්දුවේ දී Riyan Parag ලබා දුන් උඩ පන්දුවක් ආරෝන් ෆින්ච් රැක ගැනීමත් සමගයි.(දර්ශන මෙතනින්)

ඒ අනුව මෙම තරගයේ දී ඉසුරු උදාන යැවූ පන්දුවාර 4 තුළ දී ඔහු ලකුණු 41ක් ලබාදී කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...