විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බවයි ඔහු අද(16) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි හා තේරීම් කමිටුව සමග ද සාකච්ඡා කළ බව කෝලි කියා සිටියා.

එමෙන්ම මෙම තීරණය සම්බන්ධයෙන් පුහුණුකරු රවී ශාස්ට්‍රී සමග මෙන්ම උප නායක රෝහිට් ෂර්මා සමග ද සාකච්ඡා කළ බව විරාට් කෝලි නිකුත් කළ නිවේදනයේ සදහන්.

20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුවද ඔහු තවදුරටත් ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 45ක නායකත්වය දරා ඇති කෝලි ඉන් තරග 29ක ජය ඉන්දියාවට හිමි කර දීමට සමත් වුණා.

“මට හැඟෙන්නේ ඉන්දීය ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වලට නායකත්වය ලබා දීමට සම්පූර්ණයෙන්ම සූදානම් වීම සදහා මට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.” යනුවෙන් කෝලි සදහන් කළා.

“20යි 20 නායකයා ලෙස කටයුතු කරන කාලයේ දී මම හැම දෙයක්ම කණ්ඩායම වෙනුවෙන් දීලා තියෙනවා. මම ඉදිරියටත් 20යි 20 කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු ලෙස එලෙස කටයුතු කරනවා ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...