දිල්ලි කැපිටල්ස් නායකත්වය සම්බන්ධයෙන් දිල්ලි කණ්ඩායමෙන් නිවේදනයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලදී ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් කටයුතු කරන බව එම කණ්ඩායම අද(16) නිවේදනය කළා.

ඒ, කණ්ඩායමේ නිත්‍ය නායකයා වන ෂ්රෙයස් අයියර් සිය ආබාධය සුව වී දිල්ලි කණ්ඩායම සමග යළි එක් වී ඇති පසුබිමකයි.

මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමටත් පෙර මාර්තු මාසයේ දී ෂ්රෙයස් අයියර් ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සමස්ත තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන බවට නිවේදනය කෙරුණා.

කෙසේ වෙතත්, පසුව අයි.පී.එල් තරගාවලිය ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ බැවින් ලබන 19 වනදා ආරම්භ වන මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සදහා ෂ්රෙයස් අයියර්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට උදා වී තිබෙනවා.

අයියර්ට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවිනුයි රිෂාබ් පාන්ට් කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරය සදහා පත් කෙරුණේ.

ඔහුගේ නායකත්වය යටතේ දිල්ලි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගෙන සිටිනවා.

ඒ අනුව ෂ්රෙයස් අයියර් යළි කණ්ඩායම සමග එක් වුවද කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් තවදුරටත් කටයුතු කරන බවයි දිල්ලි කණ්ඩායම නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...