ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් අමතර ක්‍රීඩකයින් 5ක්

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් අමතර ක්‍රීඩකයින් 5 දෙනෙකු රැගෙන යාම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය වෙත ද තේරීම් කමිටුව විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සංචිතයට අමතරව අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත රැගෙන යාම සදහා නම් කෙරුණා.

නමුත් මේ වන විට කුසල් ජනිත් පෙරේරා හා ළහිරු මදුෂංක ආබාධවලට ලක්වීමත් සමගයි අතිරේක ක්‍රීඩකයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ.

ළහිරු මදුෂංක වෙනුවට බොහෝ විට මිනෝද් භානුක සංචිතයට ඇතුළත් විය හැකි බව අප මීට පෙර ද තොරතුරු වාර්තා කළා.

කුසල් ජනිත්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්ව නැහැ.

මෙවැනි පසුබිමක් යටතේයි තවත් අමතර ක්‍රීඩකයින් 5 දෙනෙකු තරගාවලිය වෙනුවෙන් රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් අවධානය යොමු කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...