ටොම් බ්ලන්ඩල්ට පාකිස්තාන එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්ත කඩුලු රකින පිතිකරු ටොම් බ්ලන්ඩල්ට පාකිස්තානය සමග හෙට(17) ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු බංග්ලාදේශයට එරෙහිව පැවැති සිව්වන 20යි 20 තරගයේ දී මුහුණ දුන් ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ටොම් බ්ලන්ඩල් වෙනුවට ඩැරල් මිචෙල් එක්දින සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඩැරල් මිචෙල් මීට පෙර ඇතුළත්ව සිටියේ පාකිස්තානයට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට පමණයි.

ඔහු සිය නිරෝධායන කාලසීමාව ගත කිරීමෙන් අනතුරුව, පාකිස්තාන – නවසීලන්ත දෙවැනි එක්දින තරගයේ සිට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...