විනය කැඩූ සවුතිට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට එරෙහිව නිල අනතුරු ඇගවීමක් සමග ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, විෂබීජ නාශක අත්සේදුම් දියර අඩංගු බදුනකට (hand-sanitiser) පහර දී හානි සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 12 වැනිදා නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේ දී මෙම වරද ඔහු විසින් සිදු කර ඇති බව සදහන්.

එම තරගයේ දී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩක විවේකාගාරය බලා ගමන් කරමින් සිටියදීයි ටිම් සවුති විසින් විෂබීජ නාශක අත්සේදුම් දියර අඩංගු බදුනකට මෙලෙස පහර දී හානි සිදු කර ඇත්තේ.

ඒ අනුව අයි.සී.සී විනය නීති සංග්‍රහයේ “abuse of cricket equipment or clothing, ground equipment or fixtures and fittings during an international match” යන වගන්තිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති අතර, සිය වරද හා තරග තීරක ඩේවිඩ් බූන් විසින් ලබා දුන් දඩුවම සවුති විසින් පිළිගෙන ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...