ඇෆ්ඝනිස්තාන ප්‍රබල ක්‍රීඩකයෙකු ලෝක කුසලානයෙන් ඉවතට

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුට දකුණු අතේ ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, එම ආබාධයම මේ වන විට යළි උත්සන්න වී ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය යටතේ උගන්ඩාවට එරෙහිව ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ පළමු තරගය සදහා මුජීබ් ක්‍රීඩා කළ නමුත්, පසුව එම ආබාධය නිසා ඔහු ඉතිරි තරග දෙක සදහා ක්‍රීඩා කළේ නැහැ.

මුජීබ් වෙනුවට ඇෆ්ඝනිස්තාන සංචිතයට ආරම්භක පිතිකරුවෙකු වන හස්රතුල්ලාහ් සසායි ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ආදේශ කිරීමට අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මුජීබ් වෙනුවට මීට පෙර පැවැති තරග දෙකේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 19 හැවිරිදි නූර් අහ්මඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...