උගන්ඩාව 40 කට දවා ගනිමින් නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයෙන් උගන්ඩාව පරදා කඩුලු 9ක දැවැන්ත හා සැනසුම්දායක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) පෙරවරුවේ සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් උගන්ඩාවට පන්දුවාර 18.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 40 ක් පමණයි.

Kenneth Waiswa ලකුණු 11 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ටිම් සවුති සිය පන්දුවාර 4 තුළ ලකුණු 4 කට කඩුලු 3 ක් දවා ගත්තා. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 7 කට කඩුලු 2 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 8 කට කඩුලු 2 ක් ද, රචින් රවීන්ද්‍ර ලකුණු 9කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 5.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 22 (15)යි.

[team_standings 59914]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...