වසර 4 කට පසු කොදෙව්වන් හමුවේ ඉන්දියාව එක්දින තරගයකින් පරදියි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(30) අලුයම සමත් වුණා.

බර්බඩෝස්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 182 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 36.4 ක් අවසානයේ දී යි.

කොදෙව්වන් මෙලෙස ඉන්දියාවට එරෙහිව එක්දින තරගයක් ජය ගත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකරුවන් වූ ක්යල් මේයර්ස් ලකුණු 36 කටත්, බ්‍රෙන්ඩන් කිං ලකුණු 15 කටත් දැවී ගියා. ෂේයි හෝප් නොදැවී ලකුණු 63 ක් හා කේසි කාර්ති නොදැවී ලකුණු 48 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 181 ක් පමණක් ලබා ගත්තේ පන්දුවාර 40.5 කදීයි.

මෙම තරගය සදහා ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා හා විරාත් කෝලි විවේක ගන්වා තිබුණා.

ඉනිමට ලකුණු 90ක සාර්ථක ආරම්භයක් ලබා දීමට ඉෂාන් කිෂන් හා ෂුබ්මන් ගිල් සමත් වුණා. කිෂන් ලකුණු 55 ක් ද, ගිල් ලකුණු 34 ක් ද ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 9 ලකුණු 91 ක් තුළ බිද වැටුණා. සංජු සැම්සන් ලකුණු 9කටත්, අක්සාර් පටෙල් එක් ලකුණකටත්, වැඩබලන නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 7කටත් දැවී ගියා.

සූර්යකුමාර් යාදව් ලකුණු 24 ක් රැස් කළ අතර, ශර්දුල් තාකූර් ලකුණු 16 යි. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුඩකේෂ් මෝති ලකුණු 36 කට කඩුලු 3 ක් ද, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 37 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා. අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...