රහානේ ක්‍රිකට් පිටියෙන් විවේකයක් ගනියි

Date:

බ්‍රිතාන්‍ය අන්තර් ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා Leicestershire කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ඉන්දියාවේ අජින්කෙයා රහානේ එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් පිටියෙන් තාවකාලික විවේකයක් ගැනීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බවයි Leicestershire කණ්ඩායම නිවේදනය කළේ.

රහානේ Leicestershire කණ්ඩායම සමග එක්වීමට පළමුව නියමිතව තිබුණේ ජූනි මාසයේ දී යි.

කෙසේ වෙතත්, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය හා කොදෙව් ටෙස්ට් තරගාවලිය හේතුවෙන් ඔහුට එම කණ්ඩායම සමග එක්වීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, 35 හැවිරිදි ඔහු එම තරගාවලියන්ගෙන් පසුව Leicestershire කණ්ඩායම සමග එක්වීමට සැලසුම් කර තිබූ නමුත්, අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී ක්‍රිකට් පිටියෙන් විවේක ගැනීමටයි මේ වන විට රහානේ තීරණය කර ඇත්තේ.

ඒ අනුව ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා හා 20යි 20 තරගාවලිය සදහා Leicestershire කණ්ඩායම සමග එක්ව සිටි ඔස්ට්‍රේලියාවේ පීටර් හැන්ඩ්ස්කොම්බ් තවදුරටත් එම කණ්ඩායම සමග රහානේ වෙනුවට රැදී සිටීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...