එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ දිනවල ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 5 වැනි අළුබදුන ටෙස්ට් තරගයෙන් පසුව තමා එලෙස ක්‍රිකට් පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කළේ.

37 හැවිරිදි බ්‍රෝඩ් මේ වන විට ටෙස්ට් තරග 167 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 602 ක්.

ඒ අනුව ඔහු ඉතිහාසගතව ඇත්තේ ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ දෙවැනි සාර්ථකම වේග පන්දු යවන්නා ලෙසයි.

ඔහුට වඩා වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට ටෙස්ට් ඉතිහාසයේ දී සමත්ව ඇති එකම වේග පන්දු යවන්නා වන්නේ එංගලන්තයේම ජේම්ස් ඇන්ඩර්සන්.

මෙවර අළුබදුන තරගාවලියේ දී බ්‍රෝඩ් මේ දක්වා කඩුලු 20 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

5 වැනි අළුබදුන තරගයේ තෙවැනි දිනය අද(29) නිමා වුණේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 389 ක් ලබා සිටියදීයි.

ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 377 ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...