වසර 117ක් පැරණි ලෝක වාර්තාවක් කුසල් සහ ශ්‍රී ලංකාව බිද දමයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.

කෙසේ වෙතත්, තරගයට හොද ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 157කට සීමා වීම හේතුවෙන්.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් වාර්තාගත ලකුණු 60ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 71ක් ලෙසයි.

ඒ අනුව එය නව ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් වුණා.

ඒ, පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී ලකුණු 60කට වැඩියෙන් ලබා ගනිමින් දැවී ගිය අවස්ථාවකදී අදාළ කණ්ඩායම ලබා ගෙන තිබූ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 1904 වසරේ දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයකදී එංගලන්තය විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ, එංගලන්ත ලකුණු පුවරුව 74ක්ව තිබියදී Johnny Tyldesley ලකුණු 62කට දැවී යාමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...