ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට ලක් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඔවුන් සදහා අද දිනයේ දී PCR පරීක්ෂණද සිදු කර ඇති බව සදහන්.

අදාළ පුද්ගලයින් සදහා ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කර ඇති බවත්, එහිදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට අණාවරණය වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික වැඩකටයුතු අත්‍යවශ්‍ය කාර්යය මණ්ඩලය සමගින් සාමාන්‍ය පරිදි සිදු වන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක් වුණේ.

සෙසු සේවකයන් නිවසේ සිට සේවයේ නිරත වන බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...