දෙවන ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව පසු බසියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 1ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා.

ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92ක් සහ රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 40ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ දැවී ගිය කඩුල්ල බිද හෙලනු ලැබුවේ සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසිත ප්‍රනාන්දු විසින්.

ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 5ක් ලබා සිටි ඒඩ්න් මාක්‍රම්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

කුසල් ජනිත් ලකුණු 60ක් ලබා ගත් අතර, වනිදු හසරංග ලකුණු 29ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවිමේ දී Anrich Nortje කඩුලු 6ක් දවා ගත් අතර, වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 9ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...