එංගලන්ත කණ්ඩායම දිවයිනට

Date:

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට ළගා වුණා.

ඒ, හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්.

එංගලන්ත ක්‍රීඩකයින් හම්බන්තොට දී ජෛව ආරක්ෂිත බුබුලකට එක්වන අතර, අනතුරුව දින 10ක කාලයක් එහි රැදී සිටිනු ඇති.

එම කාලය තුළ දී සියලු ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව ද හිමි වනවා.

එංගලන්ත කණ්ඩායමේ මෙම ශ්‍රී ලංකා තරග සංචාරයේ දි දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකක් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 14 වනදා ද, දෙවැනි තරගය ලබන 22 වනදා ද ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය පසුගිය වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙනුයි තරගාවලිය කල් දැමීමට පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...