අවිශ්ක ඇතුළු 6ක් එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයට

Date:

එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා තරගාවලියේ දී ආබාධයන්ට ලක් වූ ක්‍රීඩකයින් වෙනුවටයි.

දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මීට පෙර කටයුතු කළා.

කෙසේ වෙතත්, එම 22 දෙදෙනාට ඇතුළත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකා තරග සංචාරයට එක් වූයේ නැහැ.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් 21 දෙනෙකු පමණක් දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් එක් වූ නමුත්, ඔවුන්ගෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම මේ වන විට ආබාධයන්ට ලක්ව සිටිනවා.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළුව දකුණු අප්‍රිකා තරගාවලියට නම් නොකළ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු එංගලන්තයට එරෙහි තරගාවලිය වෙනුවෙන් එක් වීමට ඉඩ ඇති බවටයි NewsWire වෙබ අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අතරට අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, රොෂේන් සිල්වා සහ ලක්ෂාන් සදකැන් යන ක්‍රීඩකයින් ඇතුළත්.

තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ලබන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...