වනිඳුගෙ ගුග්ලියට මුහුණ දෙන සැලැස්ම බංග්ලාදේශය අණාවරණය කරයි

Date:

එළඹෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ පිතිකරුවන් වනිදු හසරංගගේ අභියෝගයට කෙලෙස මුහුණ දෙයි ද?

මෙය බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්යිට මෙන්ම බංග්ලාදේශ ප්‍රේක්ෂකයින්ට ද පවතින ප්‍රශ්නයක්.

ප්‍රේක්ෂකයින්ට පමණක් නොව එය සැබවින්ම බංග්ලාදේශ කණ්ඩායමට ද මේ වන විට පවතින ගැටලුවක් වී අවසන්.

වත්මන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රධානතම ක්‍රීඩකයෙකු ලෙස වනිදු හදුන්වන්න පුලුවන්.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනන දක්ෂතා දක්වන ඔහු ශ්‍රී ලංකා නව නායක කුසල් ජනිත් පෙරේරාගේ ප්‍රධානම තුරුම්පුව වන බවනම් රහසක් නොවේ.

අත්දැකීම් අවම වේග පන්දු යැවීමේ බලඇණියක් සමග ශ්‍රී ලංකාව මෙම එක්දින තරගාවලියට ප්‍රවේශ වීම හේතුවෙන් වනිදු හසරංගගෙන් පන්දු යැවීමෙන් වැඩි සේවයක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වනු නිසැකය.

බංග්ලාදේශ පිතිකරුවන් ද පා දග පන්දු යවන්නන්ට එරෙහිව පන්දුවට පහර දීමේ දී දුර්වලතාවයක් පෙන්නුම් කිරීම මෙහිදී සිහි තබා ගත යුතු තවත් වැදගත් කරුණක්.

විශේෂයෙන් බංග්ලාදේශය තුළ පා දග පන්දු යවන්නන් එතරම් දක්නට නොමැති වීම මීට ප්‍රධාන හේතුවක් ලෙස ද සැලකිය හැකියි.

සෙසු පාදග පන්දු යවන්නන්ට සාපේක්ෂව වනිදු හසරංගගේ ගුග්ලි පන්දු තේරුම් ගැනීම ඉතා අපහසු වීම හේතුවෙන් පිතිකරුවන් බොහෝ විට ඔහුට එරෙහිව පන්දුවට පහර දීමේ දී දුර්වලතාවයක් පෙන්නුම් කරනවා.

රෂීඩ් ඛාන් සහ ඇඩම් සම්පා වැනි පා දග පන්දු යවන්නන් ද ගුග්ලි පන්දු යොමු කරන්නේ ඊට සමාන ආකාරයකින්.

“ඇත්තටම ඔහු තර්ජනයක්” යනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ වීඩියෝ විශ්ලේෂක ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් ක්‍රික්බස් වෙව් අඩවිය වෙත සදහන් කළා.

වනිදු හසරංගට සිය පන්දු යැවීමෙන් තරගයක් වෙනස් කළ හැකි බැවින් බංග්ලාදේශ කණ්ඩායම ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බවයි ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් පෙන්වා දෙන්නේ.

“හසරංග, සම්පා සහ රෂීඩ් කියන පන්දු යවන්නන් එක වගේ. මේක අලුත් ක්‍රමයක් මේ කාලයේ ගුග්ලි පන්දු යවන. අපි ඔහුට මෙම තරගාවලියේ දී කඩුලු ලබා නොදුන්නොත් අපිට පුලුවන් හොද ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න. අතින් තේරුම් ගන්න බැරිවුණොත් පන්දුව කැරකෙන විදිහ බලල තේරුම් ගන්න. එහෙමත් බැරිනම් ගුග්ලි පන්දු යවන්නෙකුට ක්‍රීඩා කරන විදිහට පන්දුවට පහර දෙන්න”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...