මොයීන්, බට්ලර්, බෙයාර්ස්ටව්, සෑම්ට විවේකයක් – බ්‍රේසි හා ඔලී එංගලන්ත ටෙස්ට් සංචිතයට

Date:

නවසීලන්තය සමග ජූනි දෙවනදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(18) ප්‍රකාශයට පත් කෙරුණා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් මෙම සංචිතය නම් කර ඇති අතර, ටෙස්ට් සංචිතයට Gloucestershire කඩුලු රකින පිතිකරු ජේම්ස් බ්‍රේසි සහ සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් පළමු වරට කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මෙවර එංගලන්ත දේශීය තරග වාරයේ දී කැපී පෙනන දක්ෂතා දැක් වීමට සමත්වුණා.

ජේම්ස් බ්‍රේසි සහ ඔලී රොබින්සන් නිමා වූ ශ්‍රී ලංකා සහ ඉන්දීය සංචාර සදහා ද අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වුණා.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළ ක්‍රෙයිග් ඕවර්ටන් ද යළි සංචිතයට කැදවා ඇති අතර, මොයීන් අලී, ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව්, සෑම් කරන් සහ ක්‍රිස් වෝක්ස් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔවුන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සහභාගී වී යළි සියරට පැමිණ නිරෝධායනයට ද ලක් වූ බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නැහැ.

England Men’s Test Squad :

Joe Root (C), James Anderson, James Bracey, Stuart Broad, Rory Burns, Zak Crawley, Ben Foakes, Dan Lawrence, Jack Leach, Craig Overton, Ollie Pope, Ollie Robinson, Dom Sibley, Olly Stone, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...