වනිදු හා ධනුෂ්ක ගැන සුබ ආරංචියක්

Date:

ආබාධවලට ලක්ව සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාව සමග අද පැවැත්වීමට නියමිත සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාම අද තරගය සදහා වන තේරීම් සදහා කණ්ඩායම් කළමනාකාරීත්වයට සලකා බැලිය හැකි බව සදහන්.

වෛද්‍ය කණ්ඩායම විසින් ඒ සදහා අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දෙවැනි එක්දින තරගයේ දී  වම් පාදයේ ආබාධයකට (grade 1 groin muscle strain) ලක් වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ආදේශ කෙරුණු අතර, ඔහු තෙවැනි එක්දින තරගයේ දී ලකුණු 25ක් වාර්තා කළා.

ධනුෂ්ක අද තරගය සදහා ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගතහොත් නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමි වන අතර, එසේ වුවහොත් කඩුලු රැකීමේ කාර්යය භාරය ද යළි කුසල් මෙන්ඩිස් වෙත පැවරෙනු ඇති.

වනිදු හසරංග දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට නිමා වූ එක්දින තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මේ අතර, තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයග්‍රහනයක් රැගෙන ඒම සදහා පිත්තෙන් සුවිශේෂී ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස්ට ද ගැටලුවකින් තොරව සිව්වැනි එක්දින තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම එම තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී යම් ආබාධ තත්ත්වයන්ට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට ලකුණු 87ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...