LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ කටයුතු ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සදහා ලබා දී තිබූ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ක්‍රීඩකයින්ගෙන් හා කණ්ඩායම් හිමිකරුවන්ගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව පසුගිය 14 වැනිදා සිට ආරම්භ කෙරුණු විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය එළඹෙන 28 වැනිදා මධ්‍යහ්න 12 දක්වා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මීට පෙර ජූනි 23 වනදා මධ්‍යහ්න 12 වන විට එම කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණා.

කාන්ඩ කිහිපයක් යටතේ විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එනම්, ‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ හා ‘B,’ සහ International Platinum වැනි කාණ්ඩ යටතේයි.

විදෙස් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ලියාපදිංචි විය හැකියි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ලබන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර පසුගිය තරග වාරයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 5 දෙනෙකු උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබෙනවා.

Gold හා Silver යන කාණ්ඩවලින් එක් ක්‍රීඩකයෙකු බැගින් ද, Ruby, Sapphire, Diamond, Platinum යන කාණ්ඩවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ද එලෙස රදවා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන් වෙත හිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙකු පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...