කොරෝනා ආසාදනය වීම නිසා අශ්වින්ගේ එංගලන්ත ගමන ප්‍රමාද වෙයි

Date:

ඉන්දීය දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට මෙතෙක් එංගලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නොහැකි වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගය ජූලි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වන සෙසු ඉන්දීය ක්‍රීඩකයින් මේ වන විට එංගලන්තය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

අශ්වින් මේ වන විට හුදෙකලා වී සිටින බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඔහු ඉදිරියේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බවත් සදහන්.

ඒ අනුව රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති නමුත්, ඊට පෙර Leicestershire කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට බොහෝ විට අහිමි වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මේ වන විටත් Leicester නගරයේ රැදී සිටින අතර, ඔවුන් මේ වන විට පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මෙන්ම රිෂාබ් පාන්ට් හා ෂ්රෙයස් අයියර් යන ක්‍රීඩකයින් මේ වන විට ලන්ඩන් නුවර වෙත ළගා වී ඇති බව සදහන්.

ඔවුන් අද දිනයේ දී Leicester නගරය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ් 19 වෛරසයේ බලපෑම හමුවේ පැවැත්වීමට හැකි වූයේ තරග 4ක් පමණයි.

ඒ වන විට ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි අතර, පැවැත්වීමට නොහැකි වූ අවසන් ටෙස්ට් තරගයයි එළඹෙන ජූලි පළමු වැනිදා සිට බර්මිංහැම් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අනතුරුව දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...