වනිදු හසරංග වොරියර්ස් කණ්ඩායම සමග එක්වෙයි

Date:

ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේදී නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම විසින් අද පස්වරුවේ දී නිවේදනය කළා.

Northern Warriors කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු (Icon Player) ලෙස ඔහු සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගතව ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

පසුගිය තරග වාරයේදී වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, ඔහු තරග 12කදී කඩුලු 21 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන තරග වාරය වෙනුවෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් ‍සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...