තවත් පාකිස්තාන වේග පන්දු යවන්නෙකුට ආසියානු කුසලානය අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

Date:

ආබාධයකට ලක්වීම හේතුවෙන් පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් වසීම්ට මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

පසුගිය බදාදා(24) පාකිස්තාන කණ්ඩායම සිදු කළ පුහුණුවීම් අතරතුර දී ඔහු එම ආබාධයට ලක්ව ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

අනුමැතිය ලැබීමෙන් පසුව හසන් අලී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මීට පෙර පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට ද ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා.

හෙට(27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(28) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...