පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් ; ප්‍රමෝද් හෝ මතීෂ අද තරග බිමට

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වනවා.

පළමු තරගය තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඩුබායි ක්‍රීඩාංගනයේ දී යි.

ඇෆ්ඝනිස්තානය සමග අද පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සිකුරාදා(26) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙලෙහි යම් වෙනසක් සිදු විය හැකි බවයි.

කෙසේ වෙතත්, නිමා වූ තරග සදහා යොදා ගත් කණ්ඩායමේ සංයුතියම මෙම තරගය සදහා ද යොදා ගන්නා බව ද ඔහු කියා සිටියා.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමග තවත් ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අද තරගය සදහා ක්‍රීඩා කරන බවයි දසුන් අවධාරණය කළේ.

ප්‍රධාන වේග පන්දු යවන්නන් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් ප්‍රමෝද් මදුෂාන් හා මතීෂ පතිරණ යන වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකුට ද අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා නායකයා තහවුරු කළා.

වනිදු හසරංග සමගින් මහීෂ් තීක්ෂණ ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරනු ඇති.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...