ස්ටොක්ස් හා ෆෝක්ස්ගේ ශතක හමුවේ දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (26) රාත්‍රියේ දී නිමාව දුටුවේ තරගය ජය ගැනීමේ වැඩි බලාපොරොත්තු එංගලන්තයට හිමි කර දෙමින්.

මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු කිසිවක් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියා.

Sarel Erwee නොදැවී ලකුණු 12 ක් ද, ඩීන් එල්ගර් නොදැවී ලකුණු 11 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 415 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඔවුන්ගේ පස්වැනි කඩුල්ල ලකුණු 147 දී බිද වැටුණු අතර, අනතුරුව නායක බෙන් ස්ටොක්ස් හා බෙන් ෆෝක්ස් ලකුණු 173 (324) ක සබදතාවයක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නගමින් සිය කණ්ඩායම ප්‍රබල ස්ථානයක් කරා රැගෙන ගියා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 103 ක් රැස් කළ අතර, බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 113 යි. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 49 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 38 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා කඩුලු 3 ක් දවා ගත්තා. කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 241 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...