වනිදු හසරංග එක්දින තරගාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී ඔහු යොමු කළ 10 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදීයි වනිදු එම ආබාධයකට ලක් වුණේ.

අනතුරුව ඔහු මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...