අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – චමරි විස්සයි විස්සට නැහැ

Date:

එළඹෙන අයර්ලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සදහා චමරි අතපත්තු ක්‍රීඩා නොකරන බව සදහන්.

ඒ, ඇය එංගලන්තයේ පැවැත්වෙන 2024 කාන්තා හන්ඩ්‍රඩ් තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම නියෝජනය කරන බැවින්.

Invincibles කණ්ඩායම ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර විස්සයි 20 තරග දෙක පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 11 හා 13 වැනිදායි.

නමුත්, අගෝස්තු 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය සදහා ඇය ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගාවලිය 2022-2025 අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතට අයත් වනවා.

අතපත්තු ක්‍රීඩා නොකරන බැවින් විස්සයි 20 තරගාවලියේ දී බොහෝ විට හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමට ඉඩ තිබෙනවා.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති කවුෂිනී නුත්යන්ගනා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වත්මන් ආසියානු ශූරයින් වන ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සංචාරයේ දී විස්සයි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Sri Lanka squad for the tour of Ireland

Chamari Athapaththu (c), Vishmi Gunaratne, Harshitha Samarawickrama, Hasini Perera, Kavisha Dilhari, Nilakshi de Silva, Anushka Sanjeewani, Sugandika Kumari, Udeshika Prabodhani, Achini Kulasuriya, Inoshi Priyadharshani, Kawya Kavindi, Sachini Nisansala, Shashini Gimhani, Ama Kanchana, Kaushini Nuthyangana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...