ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය අද(2) ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ද පන්දුවාර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 230 ක් පමණයි.

රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, ෂර්මා ලකුණු 58 කටත්, ගිල් ලකුණු 16 කටත් දැවී ගියා. විරාත් කෝලි ලකුණූ 24 යි.

වොෂින්ටන් සුන්දර් ලකුණු 5ක් පමණක් ලබා සිටියදී දැවී ගිය අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 31 ක් හා අක්සාර් පටෙල් ලකුණු 33 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා. ශිවම් ඩූබේ ලකුණු 25 යි.

අවසන් පන්දු 15 තුළ දී ඉන්දියාවට ජය ගැනීම සදහා එක් ලකුණක් පමණක් අවශ්‍ය වූ අතර, පිට පිට පන්දු දෙකකදී පිළිවෙලින් ශිවම් ඩූබේ හා අර්ෂ්දීප් සිං දවා ගනිමින් චරිත් අසලංක ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග හා චරිත් අසලංක කඩුලු 3 බැගින් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67 ක් වාර්තා කළා. පැතුම් නිස්සංක ලකුණු 56 යි. පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...